විදුහල්පති පණිවිඩය
වී.ර්.පැලවත්ත
බෝගස්‍වැව මහ විද්‍යාලය කොත්මලේ,හඟුරන්කතෙ,කෑගල්ල,රුවන්වැල්ල,තිස්පනේගම ආදී ප්‍රදේශවල සිට මහවැලිය අස්වද්දන්නට සංක්‍රමණය වී දැනට බත සපයන බිම්පොකුණ,වීරාණ,මහඋල්පත.නව මිල්ලාන,වෙහෙරගම ගොවි ජනපදකයින් ගේ දූ දරුවන් සමග එම ජනපද මැදින් හිස ඔසවා ලොව එළිය කරන්නට නැගී සිටින සොඳුරු සිප් හලකි.
මෙම විදු පියසින් ලොව දිනූ අද දවසේ රට දැය බබළවන දූ පුතුන් සංඛ්‍යාව අති විශාලය.එවන් පෞඪත්වයකට හිමිකම් කියන මේ සොදුරු ශිල්ප පාරාදීසයේ නියමුවන් වන්නට ලැබීම අප ලද මහත් භාග්‍යයක් ලෙස මම සලකන්නෙමි.
ඉතිහාසය තුලින් අත්දැකීම් ලබා වර්තමානයට පමණක් නොව අනාගතයටද ගැළපෙන විදු පියසක් තැනීම අද දවසේ එය සජීවීකරණය කරන අපගේ කාර්්‍ය භාර්්‍යය මනේම වගකීමද වන්නේය.ඒ සඳහා සියළු දනොගේම සහයෝගය මම බලාපොරොත්තු වෙමි.
වී.ර්.පැලවත්ත
විදුහල්පති
පෝ/දිඔු/බෝගස්‍වැව මහ විද්‍යාලය.





