පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය

අප පාසලේ සල්පිල

WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg
WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කේ.ඒ.ජී.ආර්. බණ්ඩාර මිය

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසලක් වන බෝගස්වැව මහා විද්‍යාලයය අනාගතයේදි රටම බබළවන විදුබිමක් කිරීම අරමුණු කොට ගත් කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් සංවිධානය කරමින් ගුරු සිසු දෙමව්පිය සුබපතන්නන් ඇතුළු සමස්ත ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීම මූලික අභිප්‍රාය වන අතර එතුළින් අ.පො.ස සා/පෙළ, උ/පෙළ, ශිෂ්‍යත්ව ඇතුළු රජයේ විභාගවලින් ප්‍රදේශයේ විශිෂ්ටයින් බිහි කිරීමත් ක්‍රීඩාව ඇතුළු විෂය සමගාමී ක්‍රියාකාරකම් මගින් දේශීය හා ජාත්‍යන්තර තරඟ ජයග්‍රහකයින් බිහි කරමින් අනාගතයට සරිලන දූ දරු පිරිසක් බිහි කිරිමටත් කටයුතු කරමි.

2014 වර්ෂයේ සිට මෙම විද්‍යාලයේ සේවය කරමින් ලබා ගත් අත්දැකීම් මේ සඳහා පිටුවහල් කර ගනිමින් පාසලට ප්‍රදේශයට ආවේණික සංස්කෘතික සමාජ පරිසරයක් විනයගරුක සමාජයක් ගොඩ නංවා රට ජාතියට හිතැති ශ්‍රී ලාංකික සමාජයක් බිහිකරනු වස් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගය ඒ සඳහා බලාපොරොත්තු වෙමි.

 

 

කේ.ඒ.ජී.ආර්. බණ්ඩාර මිය
නියෝජ්‍ය විදුහල්පති (පාලන)
පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය.